ඔන්න ඒවා ගැන පස්සේ ලිපි වලින් කථා කරන්න මම බලාපොරොත්තු වෙනවා..අද බලමු Windows Server OS වල ඉතිහාසය කොහොමද කියලා…….
මුලින්ම වින්ඩෝස් වල පරිගණක ජාල වලට සහයෝගය දක්කවන OS ඉදිරිපත් කරල තියෙන්නේ Windows 3.11 වල ඉඳල තමයි. මෙම OS එක peer-to-peer work group and domain networking පහසුකම් අන්තර්ගත කරල තිබිල කියෙනවා හැබයි බොහොම පහසුකම් මූලික අවදියේ තමයි……
මේ OS එකෙන් පස්සේ Microsoft ආයතනය Server සඳහාම කියලා නිපද වූ පලමු OS එක තමයි Windows NT 4.0 කියන්නේ.මෙය නිකුත් කරල තියෙන්නේ 1996 දි තමයි.ඒ වගේ මෙහි විවිධ සංස්කරණ කිහිපයක් නිකුත් කර තිබෙනවා
- Windows NT 4.0 Workstation
- Windows NT 4.0 Server
- Windows NT 4.0 Server, Enterprise Edition
- Windows NT 4.0 Terminal Server
මීලගට Microsoft ආයතනය Windows NT 5.0 නිකුත් කරා 2000 අවුරුද්දෙදි….හෝව් හෝව් ….දැන් කේන්තිගන්න දෙයක් නෑ එහෙම නමක් අහල නෑ කියලා.මොකද ඔවුන් මෙය Windows 2000 ලෙස තමයි නම් කරේ..මෙම OS එක්ක ආපු වැදගත්ම පහසුකම තමයි Active Directory (AD) කියන්නේ.මේක ගොඩක් වැදගත් ඉදිරිපත් කිරීමක් වුණෘ..
- Windows 2000 සංස්කරණ කිහිපයක් නිකුත් කරනු ලැබුවා
- Windows 2000 Professional
- Windows 2000 Server
- Windows 2000 Advanced Server
- Windows 2000 Datacenter Server
Microsoft ආයතනය ඉලඟ පිම්ම පැන්නේ 2003 දී ඒ Windows Server 2003 නිකුත් කිරීමක් සමගම. Windows 2000 දක්නට තිබූ අඩු පාඩු බොහොමයක් ඉවත් කරමින් ඉදිරිපත් කරපු මෙය බොහෝ ජනප්‍රය වුනා.
- Web Edition (32-bit)
- Standard Edition (32 and 64-bit)
- Enterprise Edition (32 and 64-bit)
- Datacenter Edition (32 and 64-bit)
- Small Business Server (32-bit)
- Storage Server (OEM channel only)
යන සංස්කරණයන්ගේ පැමිනි මෙහි දෙවන අදියර ලෙස Windows Server 2003 R2 2005 අවුරැද්දේ නිකුත් කෙරුනා.
2007 පෙබරවාරී 27 දින මොවුගේ නවතම මෙහෙහුම් පද්ධතිය නිකුත් කරා. Windows Server 2008 ලෙස එය නම් කර තිබුනා.පෙර හාවිකා කරන ලද මෙහෙහුම් පද්ධතිය හා සසඳන විට විශාල ලෙස දියුණු කර තිබුණා..
- Active Directory roles
- Hyper-V
- Server Manager
- Windows System Resource Manager
- Core OS improvements, Active Directory improvements, Policy related improvements,
ආදිය සිදුකරන ලද වෙනස්කම් අතර ප්‍රධාන වේ.
2009 ඔක්. වල විතර Windows Server 2008 R2 නිකුත් කරන ලදි.මෙහිදී වැඩිපුරම අවධානය යෙිමු කර ඇත්තේ virtualization සඳහා වේ.මෙකෙන් කරන්නේ වැඩි ධාරීතාවක් සහිත Server එකක් තුල අනෙකුත් අනෙකුත් machine install කරන එක තමා….මෙහි වාසි ගොඩක් තියෙන නිසා අනාගතයේ බොහො දුරට
Server Room එකකින් කරන වැඩේ තනි server එකකින් කරාව්.
එහෙනම් අදට වැඩසටහන නිමා කරනවා ……මම ආයෙත් එනවා ……….තේරුනේ නැත්තන් දුක්වෙන්න එපා මාත් එක්ක හිටියොත් අල්ල ගන්න පුලුවන්….මොකක් හරි ගැටලුවක් තියේ නම් mail එකක් දාන්න අනිවා උත්තරයත් එවන්නම් Free Time එකක් ලැබුන ගමන්…එහෙනම් හැමොටම ජය ශ්‍රී …. ..




0 comments:
Post a Comment