ඕනම දෙයක් ගැන ගැබුරට ඉගෙන ගන්න අවශ්‍යය නම් මුලින්ම ඉතිහාසය දැනනෙ ඉන්න එක හොදයි.මොකද එතකොට කාටවත් මුකුත් කියන්න බෑනේ නේ.හොඳයි එහෙනම් හා හා පුරා කියලා වැඩේ පටා……න් ගමු…….
1970 දි ඒ කියන්නේ ඔය Type Writers වලින් හොඳට වැඩ කරන කාලේ තමයි.ඔන්න ඔය කාලෙදි තමයි Bill Gates හා Paul Allen කියන දෙන්න එකතු වෙලා මේ පරිගනකය පිළිබද විවධ අත්හදා බැලීම් සිදුකරමින් ඉඳල තියෙන්නේ….මෙහෙම වැඩ කරන කොට මේ ගොල්ලන්ට තේරේන්න ඇති මේක වැඩිදියුණු කරොත් අනාගතයේ ගොඩක් වැඩ පහසු කරගන්න පුලුවන් කියලා.මේ නිසා 1975 දී මේ දෙන්න එකකතු වෙලා අද ලෝකෙම වෙනස් මාවතකට යොමු කරපු Microsoft ආයතනය පටන් අරන් තියෙන්නේ..
මෙන්න මේ ආයතනය කරපු පර්යේෂණ වල ප්‍රථිඵලයක් විදියට තමයි 1981 දී IBM පරිගණකයක පලමු වතාවට ”MS – DOS” (Microsoft Disk Operating System ) කියන මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ.
DOS ගැන කියන්න ඕනේ නෑනේ වහ කදුරුනගේ මටනම් (එහෙම කියලා බෑ DOS ඕන වෙන වෙලාවල් එනවා පුතෝ…ඒ වෙලාවට DOS වලට මල් තියල වඳින්න හිතෙනවා…..)
මෙතනින් නොනැවතුන Microsoft ආයතනය 1982 දී එයාගගේ අලුත් මෙහෙයුම් පද්චතිය ගැන නිවේදනය කරල තියෙනවා.
Windows 1.0. – 1985 දී තමයි මහජනයාට නිකුත් කරල තියෙන්නේ හරියටම, සාම්ප්‍රදායක එපා කරපු Command line ඉවත් කරලා GUI -(Graphical User Interface) වල ආරම්භය මේක කියල හඳුන්වන්න පුලුවන්
Windows 1.0
Windows 2.0 – 1987 අගභාගයේ තමයි මේක නිකුත් කරල තියෙන්නේ. 1.0 වලට වඩා වෙගවත් මෙහෙයුම් පද්ධතියක් වුන මෙහි Desktop Icons, keyboard shortcuts, control the screen layout වගේ පහසුකම් වලින් සමන්වික උනා
Windows 3.0 (Windows NT) – 1990 දී මෙම මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන ලදි.ඒත් එක්කම 3.1 සංස්කරණය 1992 නිකුත් කරන ලදි. Intel සමාගමේ X386 ප්‍රොසෙසරය සමග ඉතා මානාව ගැලපෙමින් ජනතාව අතර ජනප්‍රය නාමයත් බවට වින්ඩෝස් පත්විය.එය වඩාත් තහවුරු වන්නේ 1990 – 1992 දක්වා කාලයේ දී පිටපත් මිලියන 2ක් අලෙවිකිරීම මගිනි.
Windows 95 – 1995 දී නිකුත් කරන ලද පෙරලිකාර මෙහෙයුම් පද්ධතිය මෙය වේ.නිකුත් කර පලම් සති 5 තුල පිටපත් මිලියන 7 විකිනී ඇත්තේ වෙලඳපොල වාර්තාවක් තබමින්ය..
Windows 95
Windows 98 – 1998 ජූනි 25 දින නිකුත් කරන ලදි. reading DVD discs, universal serial bus (USB) devices, Quick Launch bar වැනි පහසුකම් හඳුන්වා දෙන ලදි…..
Windows ME – නිවෙස් වල පරිගණක සඳහා නිකුත් කරන ලද මෙම මෙහෙයුම් පද්ධතිය එතරම් ජනප්‍රය නොවීය.නමුත් Microsoft ආයතනය මෙම මෙහෙයුම් පද්ධතිය සමගද නව අංග කිහිපයක් නිකුත් කරන ලදි. System Restore, Movie Maker, Microsoft Windows Media Player ආදියයි.
Windows 2000 – 2000 වසරේ නිකුත් කරන ලද මෙහෙයුම් පද්ධතිය මෙය වේ.
Windows XP – තවත් පෙරලියක් ඇති කරන ලද මෙහෙයුම් පද්ධතියක් ලෙස හැඳින්විය හැක…2001 / 10 / 25 දින නිකුත් කරන ලද මෙය භාෂා 25 කින් ලබා ගැනිමට හැකිවිය.ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති භාණ්ඩය බවට පත් වූ මෙය බිලියන 1 පමණ එදිනෙදා තම වැඩ කටයුතු සඳහා භාවීතා කරන ලදි.
Windows XP
Windows Vista – 2006 අවුරුද්දේ නිකුත් කරන ලද මෙය Microsoft ආයතනය විසින් නිකුත් කරන ලද තවත් අසාර්ථක මෙහෙයුම් පද්ධතියක් විය.වින්ඩෝස් XP වලට වඩා අලංකාර සිත් ගන්නා සුලු ලෙස GUI සකස් කර තිබුනත් නිතර නිතර කරදර කාරි POP up Messages නිසා එය භාවිතා කිරීම කරදරකාරීවිය………
Windows 7 – වින්ඩෝස් විස්ටා අසාර්ථක ව්මක් සමග මීළග මෙහෙහුම් පද්ධතිය 2010 අවුරුද්දේ නිකුත් කරන ලදි.විස්ටා වලට සමාන පෙනුමක් තිබෙන මෙම මෙහෙයුම් පද්ධතියේ විස්ටා වල තිබූ දුර්වලතා ඉවත් කර ඇති අතර භාවිතා කරන්නාට හොද අත්දැකීමක් ලබා දෙයි
Windows 7
Windows 8 – 2012 අවුරුදේ නිකුත් කරන ලද මෙය වෙනස් මුහුනුවරක් ගත් මෙහෙයුම් පද්ධතියකි. Metro Interface මෙමගින් හදුන්වා දුන් අතර Tablet Devices, Touch Screen Computers සඳහා වඩාත් උචිත ආකාරයෙන් නිපදවා ඇත. මෙතෙක් කල් දක්නට තිබූ Start Button පහසුකම මෙහි ඉවත් කර ඇත.Microsoft ආයතනය ආරංචි මාර්ග වලට අනුව ඉතා හොද ඉල්ලුමක් Windows 8 සඳහාද ඇති බව දැන ගන්නට ලැබින…….
Windows 8
ඔන්න ඔහොම ඇවිල්ල තමයි වින්ඩෝස් ලෝකයේ මෙච්චර පෙරලියක් කරේ තව රස කථා තියෙනවා ඉස්සරහට පරිගනකත් එක්ක වැඩ කරන කොට සිද්ද වෙච්ච…..ඉස්සරහට බලාපොරොත්තු වෙන්නකෝ ඒවා……ඒවා රස කතෘ වගේම වින්ඩෝස් ගැන ගොඩක් ඉගෙන ගන්නත් පුල්වන්……එහෙනම් හැමෝටම ජය ශ්‍රී …….ආයේ හම්බ වෙමු………. 


.jpg)
.jpg)

0 comments:
Post a Comment